අනුරාධපුර රුවන්මැලි මහසෑයේ කොත මුදුනේ ලෙළදෙන දැවැන්ත චූඩාමාණික්‍යය පසුගිය 25 වැනි දා උත්සවශ්‍රීයෙන් අභිනවයෙන් පැලැන්දුවේ සුවහසක් බොදු බැතිමතුන්ගේ සාධුකාරය මධ්‍යයේය. රුවන්මැලි සෑ චූඩාමාණික්‍ය සුවිශේෂ හා ගෞරවනීය වස්තුවක් ලෙස සැලකෙන අතර, එය සකසන ලද්දේ මිහි මව බිහි කළ, මිනිසා විසින් දැනට හඳුනාගෙන ඇති වටිනාකමින් වැඩිම හා දුර්ලභ ඛනිජ වර්ග කිහිපයක එකතුවකිනි. විශ්ව පාරමී පදනම විසින් මේ නව චූඩාමාණික්‍යය ස්වණමාලි මහසෑය වෙනුවෙන්ම විශේෂයෙන්ම තනවා ගෙන්වාගැනීමේ දුෂ්කර හා අධික මූල්‍ය පිරිවැයක් දරන කාර්යය ඉටු කරවාගන්නා ලද්දේ ලොව ප්‍රමිතියෙන් උසස්ම පළිඟු නිෂ්පාදකයා ලෙස නම් දරා සිටින ඔස්ට්‍රියාවේ ස්වොරොව්ස්කි (Swarovski) සමාගමෙනි.
ස්වොරොව්ස්කි සමාගම පිහිටුවන ලද්දේ සියවසකටත් එපිට කාලයක එනම් 1895දීය. ඒ ඔස්ට්‍රියාවේ වැටන්ස්හිදීය. මෙය චෙච් ජාතික ඩැනියෙල් ස්වොරොව්ස්කි විසින් ආරම්භ කරන ලද්දකි. ඩැනියෙල්ගේ පියා වීදුරු කපන පුද්ගලයකු ලෙස කටයුතු කළ අයෙකි. ඔහුට පසුකාලීනව කුඩා වීදුරු කපන කර්මාන්ත ශාලාවක් හිමිව තිබිණි. මේ හේතුවෙන් පුංචි ඩැනියෙල් වීදුරු කැපීමෙහි අතිදක්ෂයකු බවට පත් විය. 1892 වන විට වීදුරු කැපීම සඳහා විද්‍යුත් යන්ත්‍ර භාවිතය වෙනුවෙන් ඔහු පේටන්ට් අයිතිය හිමි කරගත්තේය.
1895 වන විට දානපතියකු වූ ආර්මන්ඩ් කොස්මන් හා ෆ්රාන්ස් වීස් යන දෙදෙනාද සමඟ ඩැනියෙල් වටෙන්ස්හිදී වීදුරු පළිඟු කැපීම සදහා නව සමාගමක් පිහිටුවීය. එය පළමුව නම් කර තිබුණේ ඒ. කොස්මන්, ඩී. ස්වොරොව්ස්කි සහ සමාගම ලෙසයි. ඒ කාලයේදී තීව්ර ඇඹරුම් ක්‍රියාවලීන් සඳහා අවශ්‍ය බලශක්තිය නිෂ්පාදනයට දේශීය ජල විදුලියෙන් ප්‍රයෝජන ගැනීමට ඩැනියෙල් ස්වොහොව්ස්කි පේටන්ට් බලපත්‍රය හිමි කරගත්තේය. පළිඟු ව්‍යාපාරයේදී හැම විටම ස්වොරොව්ස්කිගේ දැක්ම වූයේ “දැරිය හැකි මිලකට සෑම කෙනකුටම දියමන්තියක්” ලබාදීමේ අරමුණය.
1899දී තම සමාගමේ සංකේතය ලෙස ඔවුන් තෝරාගත්තේ ඊඩල්වයිස් මලය. ඉන් පසුව ඔවුන්ගේ ව්‍යාපාරය ප්රංසය තෙක් විහිදී පැතිරිණි. 1919දී ස්වොරොව්ස්කි විසින් ටිරොලිට් සමාගම පිහිටුවනු ලැබීය. ඇඹරුම් යන්ත්‍රවල සීරුම් මෙවලම් නිෂ්පාදනය එහි කාර්යභාරය විය. ඒ අනුව ස්වොරොව්ස්කි වෙත වෙනස් වෙළෙඳපොළක් අත්පත් කරගැනීම එතැනින් ආරම්භ විය.
1935දී ස්වොරොව්ස්කිගේ පුතු වන විල්හෙම්, ස්වොරොව්ස්කි ඔප්ටික් සමාගම බිහි කළේය. ඒ දූරේක්ෂ නිපදවීම හා රයිෆල් සදහා දුරේක්ෂ කාච නිපදවීම වෙනුවෙනි. අඛණ්ඩව ලෝකය පුරා පැතිරෙමින් තිබූ ස්වොරොව්ස්කි සමාගම අමෙරිකාවේ වෙළෙඳපොළ අත්පත් කරගන්නේ 1977දීය. අද වන විට ස්වොරොව්ස්කි සමාගමේ වත්මන් උරුමක්කාරයකු මෙන්ම අනාගතය ගොඩනඟන්නකු වන නද්යා ස්වොරොව්ස්කි යනු නිර්මාතෘ ඩැනියෙල් මීමුත්තාගේ මිනිපිරියකගේද මිනිපිරියකි. ඇය එතෙක් පැවත ආ ස්වොරොව්ස්කි සමාගමේ පළමු කාන්තා අධ්යක්ෂ ධුරයට පත් වුණේ 2012 වසරේදීය.සමාගම අදටත් පවතින්නේ පවුලේ ව්‍යාපාරයක් ලෙසය. අද වන විට ලොව පුරා රටවල් 170ක විහිදී පැතිරී සිටින මේ සමාගම වර්තමානයේ මෙහෙයවනු ලබන්නේ ස්වොරොව්ස්කි පරපුරේ 5 වැනි පරම්පරාවයි. ස්වරොව්ස්කි සමාගමට අනුබද්ධ සමාගම් ලෙස ස්වොරොව්ස්කි ඔප්ටික් හා ටිරොලිට් සමාගම්ද ස්වොරොව්ස්කි සමූහ ව්‍යාපාරයට අයත්ව ක්‍රියාත්මක වේ. ස්වොරොව්ස්කි සමාගම මූලික වශයෙන් පළිඟු ආශ්රිත සියලු ආභරණ නිෂ්පාදන හා බෙදාහැරීම් සිදු කරයි. ස්වොරොව්ස්කි ඔප්ටික් සමාගම විසින් නිෂ්පාදනය කරනු ලබන්නේ දුරේක්ෂ හා රයිෆල් සදහා දුරේක්ෂ කාචයි. ටිරොලිට් සමාගම විසින් ඇඹරීම්, කියත්, විදුම් සහ කණ්නාඩි මෙවලම් සහ යන්ත්‍ර ආදිය නිෂ්පාදනය හා සැපයුම් සිදු කරනු ලබයි. කෙසේ වෙතත් ස්වොරොව්ස්කි ක්‍රිස්ටල් නැත හොත් පළිඟු නිෂ්පාදනය යනු ඒ සමාගම විසින් වැඩිම ආදායමක් උපයන සමාගම බවට පත්ව තිබේ.
ස්වොරොව්ස්කි පළිඟු නිෂ්පාදන සමාගමේ පමණක් රටවල් 170ක විසිරුණු ජාලය ශාඛා 3000කට අධිකය. ශ්‍රී ලංකාවේදීද ස්වොරොව්ස්කි නිෂ්පාදන මිල දී ගැනීමේ අවස්ථාව උදා කරදී තිබේ. පසුගිය වසරේ ඒ සමාගමේ දළ ආදායම යූරෝ බිලියන 2.7කි. සහෝදර සමාගම් දෙකත් සමග ස්වොරොව්ස්කි සමූහ ව්‍යාපාරය 34,500ක සේවකයන්ගෙන් යුත් වන අතර, පසුගිය වසර වන විට යූරෝ බිලියන 3.5ක දළ ආදායමක් උපයන, දැවැන්ත ලාබ ලබන සමූහ ව්‍යාපාරයක් බවට පත්ව ඇත.
නවීනතම මෙවලම් සමඟ නව්‍යකරණය වෙමින් පවතින තාක්ෂණය උපයෝගි කරගනිමින්, ලොව වටා සිටින පළිඟු නිෂ්පාදනයේ දක්ෂතම ශිල්පීන්ගේ දායකත්වය ලබමින් ස්වොරොව්ස්කි සමාගම සිය පළිඟු නිෂ්පාදන බිහි කරයි. සියවසකට අධික කලක් ගත වුවත් ලොව උසස්ම හා දුර්ලභ මෙන්ම වටිනාම පළිඟු නිෂ්පාදනයේ පුරෝගාමියා ලෙස ස්වොරොව්ස්කි සමාගම අදටත් සිය කීර්තිය සමව පවත්වාගෙන යෑම සුවිශේෂ තත්ත්වයකි. තම නිෂ්පාදන දිනෙන් දින වඩාත් ඉහළ ප්‍රමිතියකට, ඉහළ තලයකට ගෙන යන ස්වොරොව්ස්කි වෙත මෑත කාලයේදී ලද විශාලතම ජයග්‍රහණය වූයේ බ්‍රිතාන්‍ය රාජකීය පවුලේ වගකීම් සහතිකය දෙවැනි එලිසෙබෙත් රැජන විසින් 2019 වසරේදී පිදීමත් සමඟය. ලොව උසස්ම හා සීමිත නිෂ්පාදන සමාගම් කිහිපයක් පමණක් මේ රාජකීය බලපත්‍රය හිමි කරගෙන තිබේ. ලොව පුරා දහස් ගණනින් උසස් නිෂ්පාදන සමාගම් තිබුණද බ්‍රිතාන්‍යයේ රාජකීය බලපත්‍රය හිමි සමාගම් ඇත්තේ 816ක් පමණි. ඒ අනුව බ්‍රිතාන්‍ය රජ පවුලේ නිල ආභරණ, ඔලරෝසු ආදියෙහි නිෂ්පාදකයා හා නිර්මාණකරුවා බවටද ස්වොරොව්ස්කි සමාගම පත්ව තිබේ.
සියවස් ගණනාවක් තිස්සේ ලෝක බෞද්ධ ජනතාවගේ අතිමහත් වන්දනීයත්යට පත් වන ස්වර්ණමාලි මහසෑරදුන් වෙනුවෙන් නව චූඩාඩාමාණික්යයක් සැපයීමේ කටයුත්ත ගැන සිත් යොමා සිටි විශ්ව පාරමී පදනමේ සභාපති ප්‍රභාත් නානායක්කාර මහතාට අවශ්‍ය වූයේ ලෝකයේ හොඳම පළිඟු නිමැවුම්කරුවන් අතින් එය ඉටු කරවාගැනීමටය. එහිදී ඔහු දැනගත් කරුණක් වන්නේ ස්වොරොව්ස්කි සමාගම හැර ලෝව ඒ තැන ගැනීමට වෙනත් කෙනකු නැති බවය. එසේ වුවද මේ භාරධුර කාර්යය වෙනුවෙන් මේ සමාගම සම්බන්ධ කරගැනීමද ලේසි-පාසු නැත. ඒ ඔවුන් ඒ තරමටම ඉහළ මට්ටමක පැවති සමාගමක් නිසාය. මේ කාර්යයයේ හැටියට මේ සමාගමේ හිමිකරුවන්ම සම්බන්ධ කරගැනීමට අවශ්‍ය විය. ප්‍රභාත් නානායක්කාර මහතා මේ සඳහා යොදාගත්තේ මොන්ටිකාලෝහි වෙසෙන තම හිතවත් ධනවත් පවුලකි. ඔවුන්ට ස්වොරොව්ස්කි පවුලත් සමඟ සම්බන්ධයක් තිබිණි. මේ සම්බන්ධය තර කරගැනීම සඳහා නානායක්කාර මහතා ඇමෙරිකාවේ හාවඩ් සරසවියේ තම සරසවි මිතුරකුගේ හිතවතකුගේ සහය ලබාගැනීමට සමත් විය. ඔවුන් ඉහළ සම්බන්ධතා තිබූ අය බැවින් ඒ හරහා මේ සුපතළ ඔස්ට්‍රියාවේ ස්වොරොස්ව්කි පවුල සම්බන්ධ කරගත හැකි විය.
නානායක්කාර මහතා මුලින්ම තම අවශ්‍යතාව කී සැණින් ඔවුහු විමතියට පත් වූහ. ස්වොරොව්ස්කිලා කවුරුන්දැයි නොදන්නා පුද්ගලයකුදැයි ඔවුන්ට යම් කුතූහලයක්ද එන්නට ඇත. ශ්‍රී ලංකාව වැනි කුඩා රටක මේ තරම් සුවිසල් මිල අධික කටයුත්තක් කිරීමට තරම් හැකියාවක් සහිත පුද්ගලයන් සිටීද යන්න ස්වොරොස්ව්ස්කිලා පුදුමයට පත් කළ පළමු කරුණ විය. ඒ නිසා ඔවුන්ට මෙය ඇත්තම අවශ්‍යතාවක්දැයි මුලින්ම පැහැදුණු බවක් පෙනුණේ නැත. එමෙන්ම ඔවුන්ට මේ පළිඟු පාෂාණය මනරම් චූඩාමාණික්‍යයක් ලෙස කපා ඔප-මට්ටම් කිරීමට තරම් ප්‍රමාණවත් උපකරණ සහ යන්ත්‍ර-සූත්‍රද ඒ වන විට තිබුණේ නැත. තම අවශ්‍යතාවෙහි වැදගත්කම මෙන්ම මේ කටයුත්තේ වැදගත්කම නිරූපණය කිරීමට නානායක්කාර මහතා දුන් සහතිකය වූයේ අදාළ පළිඟුවල සහ එය නිමා කිරීමට අවශ්‍ය යන්ත්‍ර-සූත්‍ර අලුතින් නිර්මාණය කිරීමට අවශ්‍ය සියලු මුදල් තමා ගෙවන බව ඔවුන්ට පොරොන්දු වීමය. පොරොන්දු වූ පරිදිම ඒ මුදල ඉක්මනින්ම ස්වොරොව්ස්කි සමාගම වෙත සැපයීමට නානායක්කාර මහතා කටයුතු යෙදුවේය. එයින් ඔවුන් තුළ මේ කෙරෙහි ලොකු විශ්වාසයක් සහ වුවමනාවක් පහළ වී ඇත.
නානායක්කාර මහතා තමා සමඟ සම්බන්ධතා පැවැත්වූ ස්වොරොව්ස්කි පවුලේ සාමාජිකයා තුළ විශ්වාසය සහ සුහදත්වය තවත් තහවුරු කිරීමට කළේ අදාළ පුද්ගලයාගේ නමද කැටයම් (එන්ග්‍රේව්) කළ, මිලියන ගණනාක් වටිනා Mont Blanc පෑනක්ද තිළිණ කිරීමය. මේ අතිශය වටිනා ත්‍යාගයද ශ්‍රී ලාංකිකයකුගෙන් ලැබීම ස්වොරොව්ස්කි සමාගමේ විශ්වාසය සහ බැඳීම තහවුරු කිරීමට හේතු වූ කරුණක් වී තිබේ.
ස්වොරොව්ස්කි සමාගම මේ කටයුත්තට අතගැසුවේ ඉතා වටිනා තද පළිඟු විශේෂය තමන් වෙත ලබාගත් පසුවය. මේ චූඩාමාණික්‍යය සැකසීමට යොදාගැනුණු පළිඟු විශේෂය අවුව සමඟ තව-තවත් දැඩි වන, වසර 150කට වඩා කලක් කිසිදු හානියක් නොවී පවතින එකකි. ස්වොරොව්ස්කි සමාගම මේ කටයුත්තට යොදාගත්තේ ඔවුන් සතු විශිෂ්ටතම කලා ශිල්පියාය. එසේම චූඩාමාණික්‍යයේ පාදම සකස් කළ සිංගප්පූරු සමාගමද මේ කාර්යයයේදී ස්වොරොව්ස්කි සමාගම සමඟ සම්බන්ධ කෙරිණි. මේ සිංගප්පූරු සමාගමද ලෝකයේ රජ පවුල්වලට රන් නිර්මාණ කරන ඉහළම පෙළේ සමාගමකි. ඊට සම්බන්ධ කෙරුණු වටිනා මැණික් ගල් ශ්‍රී ලංකාවෙන්, මැලේසියාවෙන් සහ තායිලන්තයෙන් සපයාගෙන තිබිණි. මේ කර්තව්‍යයෙහි පවතින මහා වැදගත්කම ඔස්ට්‍රියානු සමාගම මනාව තේරුම් ගත් නිසා ඔවුහු අවසානයේ ඉතා වුවමනාවෙන් සහ කැප වීමෙන් එයට උර දුන්හ. ලෝකයේ අග්‍රගණ්‍ය සමාගමක් වන ඔවුන්ටද මේ අනර්ඝ කාර්යය ඓතිහාසික එකකි. එසේ වුවද ඔවුන් නානායක්කාර මහතාට පොරොන්දු වී ඇත්තේ ඔවුන්ගේ අන්තර්ජාතික වෙළෙඳ ප්‍රවර්ධන කටයුතුවලදී කිසිදු ආකාරයෙන් මේ අද්විතීය කාර්යය භාවිත නොකරන බවටය.
මේ කරුණු සලකා බැලීමේදී ශ්‍රී ලංකා ඉතිහාසයේ සියවස් ගණනාවක් පැරණි සුවිශේෂ සිද්ධස්ථානයක් වූ, ද්‍රෝණයක් සර්වඥ ධාතූන් වැඩ සිටින ස්වර්ණමාලි මහාසෑයෙහි කොත මුදුනේ පැලඳි චූඩාමාණික්‍යය, ඒ වෙනුවෙන්ම අතිශය දුර්ලභ පළිඟුවකින් හා ලොව උසස්ම ප්‍රමිතියෙන් යුත් නියම මැණික් යොදාගෙන ඔස්ට්‍රියාවෙන් නිර්මාණය කරවාගන්නා ලද්දේ පළිඟු ආභරණ නිෂ්පාදනයේ ලොව ප්‍රමුඛතම සමාගමකින් වීම මිල කළ නොහැකි තරමේ වටිනාකමක් ඒ වෙත තවදුරටත් එක් කර ඇති සේය.
ශ්‍රී ලංකාවේ නාමය ජාත්‍යන්තරයේදී ගෞරවයට ලක්කරමින් 2019 වසරේ ලෝක විවාහක රූ රැජින තරගයේ ජයග්රාහි කිරුළ හිමිකර ගත් කැරොලින් ජූරි මහත්මිය 10 වනදා මවුබිමට පැමිණි අතර ඇයව පිළිගැනීමට විශාල පිරිසක් කොළඹ කටුනායක මාර්ගයේ මඟ දෙපස රැඳී සිටියේය.
ජාඇල, කඳාන ප්‍රදේශයේ ජනතාව ද ඇය පදිංචිව සිටින රාගම මහබාගේ කුරුඳුවත්ත පාරේ පදිංචි අසල්වාසීන් සහ නෑ හිතමිතුරන් ද එතුමිය පිළිගැනීමට මඟ දෙපස උත්සව සංවිධානය කර තිබිණි. 10 වනදා අලුයම කටුනායක ගුවන් තොටුපොළින් දිවයිනට පැමිණි කැරොලින් ජූරි මහත්මිය විවෘත රථයකින් ගමන් කරමින් මඟ දෙපස රැස්ව සිටි පිරිසට ආචාර කරමින් ගමන් කළ අතර මහබාගේ කුරුඳුවත්ත පාරේදී ඇයව පිළිගත් ප්‍රදේශවාසීන් පුරා 35 වසරකට පසුව ලෝක විවාහක රූ රැජින කිරුළ මවුබිමට ගෙන ඒම පිළිබඳව සතුට පළකරමින් ආශීර්වාද කළේය. කැරොලින් ජූරිගේ සැමියා වූ නිශාන්ත දීපාල් මහතා ද, දියණිය එලීසා කැරොලින් ද ඇය සමඟ දිවයිනට පැමිණ මෙම අවස්ථාවට එක්ව සිටියේය.
පුරා 35 වසරකට පසුව ශ්‍රී ලංකාවේ නාමයට ගෞරවයගෙන ආ ඇයට රැස්ව සිටි සියලුදෙනා සුබ පැතුම් එක් කළේය.
ළඟ එන නත්තල සඳහා නත්තල් සීයා පුහුණු කිරීම මේ වන විට අවසන් වෙමින් පවතී. ඒ සඳහාම වෙන් වූ විශේෂිත පාසල් හෝ පුහුණු ආයතනවලින් මේ පුහුණුව ලබා දෙනු ලබන අතර එය මිල අධික පාඨමාලාවක් වේ. ඒ සඳහා ඕනෑම අයකුට සහභාගි වීමට නොහැකි අතර උස, මහත හා බර මෙන්ම වයස ද මූලික සුදුසුකම් අතර වේ. මේ පුහුණුවට ඇවිදීම, ගායනය, නර්තනය, රංගනය , කතාව ද නීතිය, විනය හා ආකල්ප පිළිබඳවද මනා පුහුණුවක් ලබා දේ. එවන් පිළිගත් පාසල් හෝ පුහුණු ආයතනවලින් මේ පාඨමාලාව හදාරණ නත්තල් සීයලාට ලොව පුරා බොහෝ ආයතනවල විශාල ඉල්ලුමක් පවතී.
දකුණු අප්‍රිකානු රූ රැජින සොසිබිනි ටන්සි 2019 විශ්ව රූ රැජින කිරුළ දිනාගනු ලැබීය. 2011 වසරේ ඇන්ගෝලා ජනරජයේ ලෙයිලා ලෝප්ස්ගෙන් පසු විශ්ව රූ රැජින කිරුළට හිමිකම් කියන කළු ජාතික සම්භවයක් ඇති පළමු වැන්නා ඇය බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
සොසිබිනි ටන්සි විවිධ වටයන් සඳහා විවිධ ඇඳුමින් ඉදිරිපත් වීම හරහා විනිසුරුවන් සහ රසිකයන් ආකර්ෂණය කර ගනිමින් පසුව තරගය පුරා ඉදිරියෙන් සිටියාය.
සම්ප්‍රදායානුකූලව පසුගිය වසරේ විශ්ව රූ රැජින කිරුළ හිමි කරගත් පිලිපීනයේ කැට්‍රියෝනා ග්‍රේ විසින් ඇයට එම කිරුළ පැළඳුවාය.
දකුණු අප්‍රිකාවේ සෝලෝ නගරයේ උපත ලබා ඇති 26 හැවිරිදි සෝසිබිනී ටන්සි වෘත්තියෙන් මෝස්තර නිරූපිකාවකි. 2019 වර්ෂයේ දකුණු අප්‍රිකානු රූ රැජින තේරීමේ තරගයෙන් ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව ඇය මේ තරගය නියෝජනය කිරීමට අවස්ථාව හිමි කරගනු ලැබීය. දකුණු අප්‍රිකාව විශ්ව රූ රැජින කිරුළ දිනාගත් තෙවන අවස්ථාව මෙය වේ.
රී ලංකාව නියෝජනය කළ කැරොලින් ජූරි ලෝක විවාහක රූ රැජින කිරුල දිනාගැනීමට අද සමත් විය.
ඒ වසර තිස් පහකට පසු ශ්‍රී ලාංකීය තරගකාරියක් කිරුල දිනාගනිමින්, සුවිශේෂී ජයග්‍රහණයක් සටහන් කලේය.
ඇමෙරිකාවේ ලාස්වේගාස් නුවරදී පැවත්වුනු අවසන් මහා තරගයේදී මෙම අවස්ථාව හිමිකර ගත්තේය.
මීට පෙර මෙම කිරුල ශ්‍රී ලාංකිකයෙකු ලෙස දිනාගෙන ඇති එකම කාන්තාව වනුයේ 1984 ලෝක විවාහක රූ රැජින කිරුළ දිනු රෝසි සේනානයකයි.
අන්තර්ජාලයේ ඉමහත් ප්‍රසිද්ධියක් අත්පත් කරගත් සුරතල් සතුන් අතුරින් ඉතා සුවිශේෂ පූසෙකු වූ ලිල් බබ් මරණයට පත් වී ඇති බව වාර්තා වේ. ලිල් බබ්ගේ හිමිකරු වන මයික් බ්රිදාව්ස්කි ඉන්ස්ටාග්‍රෑම් ගිණුමෙන් සිය සුරතලා පිළිබඳ තැබූ අතිශය සංවේදී සටහනකින් මේ බව ලොවට දැනුම් දී ඇත. මෙම පූසා රෝගී තත්ත්වයක් නිසා සිය ජීවිත කාලයේම කුඩා පූස් පැටවකුගේ ශරීර ප්‍රමාණයේ සිට ඇත. ලිල් බබ්ගේ ජනප්‍රියත්වයට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත්තේ බාහිර ස්වරූපයයි. නිසි පරිදි සංවර්ධනය නොවූ හනුවක් තිබීම නිසා මෙම පූසාගේ දිව නිතරම තිබී ඇත්තේ මුවෙන් එළියට වන්නට ය. මේ සියලු රෝගාබාධ තත්ත්වයන් නිසාම සුරතල් පෙනුමකින් යුත් මෙම පූසා අන්තර්ජාලයේ ආකර්ෂණයක් බවට පත්ව ඇත්තේ 2012 වර්ෂයේදී ය. මිය යන විට පූසාගේ වයස අවුරුදු 8ක් වූ බව පැවසේ. මේ මරණය නිසා ලොව පුරා සමාජ මාධ්‍ය ජාල පරිශීලයකන් ශෝකයට පත්ව ඇත.
Most commented