Truemag

  • Home
  • ABOUT
  • CONTACT AS

ක්‍රීඩා තොරතුරු 27

මලල ක්‍රීඩා ඉසව්වෙන් පළමු රන් පදක්කම

10 days ago ක්‍රීඩා තොරතුරු

නේපාලයේ පැවැත්වෙන 13වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේදී මලල ක්‍රීඩා ඉසව්වෙන් පළමු රන් පදක්කම දිනා ගැනීමට නිලානි රත්නායක සමත් වුණා. ඇය මේ පදක්කම දිනා ගත්තේ මීටර් 1500 ඉසව්ව නියෝජනය කරමින්.

පාකිස්තාන නැඟී එන ක්‍රීඩකයෝ ශ්‍රී ලංකා පිල අසරණ කරති

26 days ago ක්‍රීඩා තොරතුරු

පිතිකරුවන් දැක්වූ දුර්වල ක්‍රීඩා විලාශය හේතුවෙන් ආසියානු කුසලාන නැඟී එන ක්‍රිකට් තරගාවලියේ පාකිස්තානය සමග පෙරේදා කොක්ස් බසාර් හිදී පැවැති මූලික වටයේ ‘ඒ’ කාණ්ඩයේ දෙවැනි තරගයෙන් ලකුණු 90ක දැවැන්ත පරාජයකට උරුමකම් කීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුවිය.

මේ පරාජය සමගින් පසුගිය වසරේ ශූරයන් වූ ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලියේ මූලික වටයෙන් ඉවතට විසිවීමේ අවදානමකට ද මුහුණුදී සිටී. තරගාවලියේ මූලික වටයේ මුහුණුදුන් පළමු තරගයෙන් ඕමානය හමුවේ කඩුලු 4ක පරාජයක් ශ්‍රී ලංකා පිලට අත්වූ අතර මේ වනවිට ඔවුන්ට අත්ව අත්තේ ප්‍රසාද ලකුණු සටහනේ අවසන් ස්ථානයයි.

පාකිස්තානය ජයග්‍රහණ 2ක් සමගින් ඉදිරියෙන් පසුවන අතර ඇෆ්ගනිස්තානය සහ ඕමානය එක් ජයක් බැගින් අත්කරගෙන සිටී.

ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ පසුවන කණ්ඩායම් දෙක අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගන්නා අතර ඒ අනුව ශ්‍රී ලංකාව (ද.ල.වේ -0.963) අද පැවැත්වෙන ඇෆ්ගනිස්තානයට (ද.ල.වේ 0.162) එරෙහි මූලික වටයේ අවසන් තරගයෙන් දැවැන්ත ජයක් සමගින් දළ ලකුණු වේගය වැඩිකරගත හොත් අවසන් පූර්ව තරගයේ බලාපොරොත්තු තබාගත හැකි අතර ඕමානය සමග තරගයෙන් පාකිස්තානයද ජය ගත යුතු වෙයි.

පෙරේදා තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා පිලේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරුදුන් පාකිස්තානය ලකුණු 183කට දැවී ගිය අතර පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා පිලට ඕවර 30.4කදි සියල්ලන් දැවී ලබාගත හැකිවූයේ ලකුණු 93ක් පමණි.

පැතුම් නිශ්ශංක ලකුණු 34ක් රැස්කරමින් ශ්‍රී ලංකා පිළිතුරු ඉනිමේ වැඩිම ලකුණුලාභියා වෙද්දී හසිත බෝයගොඩ ලකුණු 22ක් සහ කමිඳු මෙන්ඩිස් ලකුණු 19ක් ඉනිමට එක් කළහ. මෙහොමඩ් හස්නයින් ප්‍රමුඛ පාකිස්තාන පන්දු යවන්නන් හමුවේ සෙසු පිතිකරුවන්ට ලකුණු 10 සීමාව ඉක්මවීමට නොහැකිවූ අතර ඉනිමේ අවසන් කඩුලු 7 ලකුණු 4ක් තුළ බිඳ වැටිණි. විශිෂ්ට පන්දු යැවීමක නිරතවූ හස්නයින් ලකුණු 19කට කඩුලු 6ක් දවාගත් අතර උමර් ඛාන් ලකුණු 4කට කඩුලු 2ක් සහ කුශ්දිල් ෂා ලකුණු 14කට කඩුලු 2ක් දවාගත්හ.

අමාද් බට් ලකුණු 44ක්, රොහෙයිල් නසීර් ලකුණු 37ක් සහ කුශ්දිල් ෂා ලකුණු 32ක් පළමුව පන්දුවට පහරදුන් පාකිස්තාන ඉනිමට එක් කළහ. පන්දු යැවීමේදී අසිත ප්‍රනාන්දු කඩුලු 3ක් දවාගත් අතර අමිල අපෝන්සු සහ කළණ පෙරේරා කඩුලු 2 බැගින් බිඳ දැමූහ.

මේ අතර ‘බී’ කාණ්ඩය යටතේ බංග්ලාදේශ පිල ඉන්දියාව පරාජය කරමින් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට පිවිසි අතර ඉන්දියාව සහ නේපාලය එක් ජයග්‍රහණය බැගින් අත්කරගෙන සිටිති.

කොක්ස් බසාර්හිදීම පාකිස්තානය සහ ඕමානයත්, ඉන්දියාව, හොංකොං පිලට එරෙහිවත්, බංග්ලාදේශය, එක්සත් අරාබි එමීර් රාජ්‍යයට එරෙහිවත් ඩකා හිදී අද (18) මූලික වටයේ අවසන් තරගවලට එක්වීමට නියමිතය.

ශ්‍රී ලංකාවට ලෝක කායවර්ධන රන් පදක්කමක්

1 month ago ක්‍රීඩා තොරතුරු, දේශීය පුවත්

ඩුබායිහි පැවැති ලෝක ශූරතා කායවර්ධන තරගාවලියේදී කිලෝග්‍රෑම් 65 බර පන්තියේ, රන් හා රිදි පදක්කම් දිනා ගැනීමට ශ්‍රී ලංකා නියෝජනය කළ වයි.ජී.අමිල සහ එම්. රාජකුමරාන් සමත් වූහ. ඔවුන් අද (11) පෙ.ව.5.30 ට කටුනායක ගුවන්තොටුපොලෙන් මෙරටට පැමිණීමට නියමිතය.

ජීවන පිටියෙන් සමුගත් ශ්‍රී ලංකා යොවුන් දැල්පන්දු උපනායිකාව මෙලනි අමා විජේසිංහ

1 month ago Uncategorized, ක්‍රීඩා තොරතුරු, දේශීය පුවත්

ශ්‍රී ලංකා යොවුන් දැල් පන්දු කණ්ඩායමේ උපනායිකාව ලෙස කටයුතු කළ ‌‌මෙලනි අමා විජේසිංහ පෙරේදා (20 දා) දින සිය දිවියෙන් සමුගෙන තිබේ.

ලියුකේමියා රෝගී තත්වය හේතුවෙන් ප්‍රතිකාර ලබමින් සිටියදී ඇය මෙම අකල් මරණයට මුහුණ දී ඇතැයි වාර්තාවන අතර ඒ වනවිට ඇගේ වයස අවුරුදු 17 කි.

පසුගිය දා ජපානයේ පැවති ආසියානු යොවුන් දැල්පන්දු තරඟාවලියේදී ශ්‍රී ලංකා පිලේ උපනායිකාව ලෙස කටයුතු කළ අමා විජේසිංහ ක්‍රීඩිකාව, එම තරඟාවලියේ හොඳම විදින්නිය ලෙස ද සම්මානයට පාත්‍රවිය.

එසේම අමා බොට්ස්වානා හි පැවති යොවුන් ලෝක කුසලාන දැල්පන්දු තරඟාවලියේ ද ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළාය.

මියයන විට ඇය කොළඹ විශාකා විදුහලේ සිසුවියක් ලෙස අධ්‍යාපනය ලබමින් සිටි අතර ඇගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (22 දා) දින, කිරිඳිවැල පොදු සුසාන භූමියේ දී සිදුකිරීමට නියමිතය.

වේල්සය, දකුණු අපි‍්‍රකාව, නවසීලන්තය සහ එංගලන්තය අවසන් පූර්ව වටයට – 2019 රග්බි ලෝක කුසලාන

1 month ago ක්‍රීඩා තොරතුරු, විදේශීය පුවත්

2019 ලෝක කුසලාන රග්බි තරගාවලියේ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබා ගැනීමට වේල්සය සහ දකුණු අපි‍්‍රකාව ඊයේ (20 වැනිදා) සමත් විය. එ් අනුව ඊයේ පැවැති අර්ධ අවසන් පූර්ව තරගයේදී වේල්සය 20ට 19ක් ලෙස ප‍්‍රංශයත් දකුණු අපි‍්‍රකාව 26ට 03ක් ලෙස ජපානයත් පරාජය කරමින් අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලැබීය.

වේල්සය මෙවර රග්බි ලෝක කුසලාන තරගාවලියකදී අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලැබීමට සමත්වූයේ තෙැවනි වරට වේ. අවසන් පූර්ව වටයේ තරගයේදී පළමු මිනිත්තු 49ක් ගතවන විටත් ලකුණු 19ට 10ක් ලෙස පෙරමුණ ගැනීමට ප‍්‍රංශය සමත් වී සිටියද චාල්ස් ඔලිවොන් සහ විරිමි වකටාවා පිට පිටම වාර්තා කළ උත්සාහක දිනුම් හේතුවෙන් අවසන් මොහොතේ ජයග‍්‍රහණය උදුරා ගැනීමට වේල්සය සමත් විය.

 

මේ අතර පෙරේදා (19 වැනිදා) පැවැති අර්ධ අවසන් පූර්ව තරගවලදී ඕස්ටේ‍්‍රලියාව පරදවා එංගලන්තයත් අයර්ලන්තය පරදවා නවසීලන්තයත් අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබා ගැනීමට සමත් විය. එහිදී පිළිවෙලින් ඔස්ටේ‍්‍රලියාව හමුවේ ලකුණු 40ට 16ක් ලෙස එංගලන්තය ජය වාර්තා කිරීමට සමත් වූ අතර අයර්ලන්තය ලකුණු 46ට 14ක් ලෙස පරාජය කර දැමීමට නවසීලන්තය සමත් විය. එ් අනුව ලෝක කුසලාන රග්බි තරගාවලියේ ලබන 26 වැනිදා පැවැත්වෙන පළමු අවසන් පූර්ව තරගය නවසීලන්තය සහ එංගලන්තය අතර පැවැත්වේ.

-උපුටා ගැනිමකි-

ශ්‍රී ලංකා-පාකිස්තාන ටෙස්ට් තරග කරච්චි හා රාවල්පින්ඩි නගරවලට

1 month ago ක්‍රීඩා තොරතුරු

ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර පැවැත්වීමට නියමිත ටෙස්ට් තරග දෙක කරච්චි හා රාවල්පින්ඩි යන නගරවල ලබන දෙසැම්බර් මාසයේ පැවැත්වීමට කටයුතු සූදානම් වෙයි. ඒ සඳහා ශ්‍රී ලංකා ටෙස්ට් පිලේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් සහභාගී විය යුතු බව ශ්‍රී ලංකා ක්‍රිකට් දැනටමත් සියලු ක්‍රීඩකයන්ට දැනුම්දී ඇත. යම් හෙයකින් පාකිස්තාන සංචාරයට එක්වීමට අකමැති ක්‍රීඩකයෙක් වොතොත් ඔහුට එරෙහි පියවර ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් සූදානමින් සිටින බව වාර්තා වේ.

පාකිස්තානයේදී නිසි ආරක්ෂාවක් යටතේ ක්‍රීඩා කිරීමට වාතාවරණය සැකසී ඇති බැවින් අයි. සී. සී ටෙස්ට් ශූරතාවලියේ තරග දෙක පාකිස්තානයේදී පැවැත්වීමට පැමිණෙන ලෙස පාකිස්තාන ක්‍රිකට් ආයතනයෙන් ශ්‍රී ලංකාවට ආරාධනා ඉදිරිපත් වුණි. එහෙත් ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන්ගේ කැමැත්ත අනුව එම සංචාරය පාකිස්තානයේදී පැවැත්වීමට සහය දෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා මහතා පැවැසීය.‍

එහෙත් ශ්‍රී ලංකා ක්‍රීඩකයන් හා ශ්‍රී ලංකා ක්‍රිකට් අතර වාර්ෂික කොන්ත්‍රාත් ගිවිසුම් අස්සන්කොට ඇති හෙයින් අන්තර්ජාතික ක්‍රිකට් තරගවලට ක්‍රීඩා කිරීම සඳහා සූදානම්වීම ක්‍රීඩකයන්ට සිදුවේ. එමෙන්ම ශ්‍රී ලංකාව නියෝජනය කරන අතරතුර වෙනත් රටවල පැවත්වෙන ප්‍රීමියර් ලීග් විස්සයි 20 තරගවලට යෑම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලිඛිත අවසරය ලබා ගැනීම අනිවාර්ය වේ. එම ‘විරෝධතා නොමැති බවට වූ සහතිකය’ ලබා නොගෙන කිසිදු ක්‍රීඩකයකුට වෙනත් විදෙස් තරගාවලි සඳහා යෑමට නොහැකි බැවින් පාකිස්තාන සංචාරයට නොයන ක්‍රීඩකයන්ට එම සහතිකය ලබා නොදීමට තීරණය කොට ඇතැයි වාර්තා වේ.

පාකිස්තානයේ කරච්චි හා ලාහෝර් හීදී නිමාව දුටු එක්දින හා විස්සයි 20 තරගාවලියට පෙර ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගෙන් සහභාගීත්වය පිළිබඳ අදහස් විමසා ඒ අනුව සංචිතය නිර්මාණය කළද මෙවර එවැනි අදහස් විමසීමක් නොකරනු ඇතැයි පැවැසේ. ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව නම්කරන ලද සංචිතයට ක්‍රීඩා ඇමැතිවරයාගේ අදහස් ලබා ගැනීමෙන් අනතුරුව සංචාරයට සූදානම්වීම ක්‍රීඩකයන් විසින් කළ යුතුවේ.

ශ්‍රී ලංකා – පාකිස්තාන ටෙස්ට් තරග දෙක පාකිස්තානයේ පැවැත්වීමට අපොහොසත්ව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වන්නේ නම් ඒ සඳහා යන සියලු වියදම් රටවල් දෙක විසින් දැරිය යුතු බව පාකිස්තාන ක්‍රිකට් ආයතනය පවසා ඇත. මේ තරගාවලියේ සත්කාරකත්වය පාකිස්තානයට පැවැරී ඇති හෙයින් කරච්චි හා ලාහෝර් නුවරදී පවත්වන්නේනම් ඒ සියලු වියදම් පාකිස්තාන ක්‍රිකට් ආයතනය දැරිය යුතු වේ. මෙයට සතියකට පමණ පෙර ඩුබායි පැවැති අයි. සී. සී සමුලු රැස්වීමේදී පාකිස්තාන ක්‍රිකට් සභාපති ඒෂාන් මානි හා ප්‍රධාන විධායක නිලධාරී වසීම් ඛාන් ශ්‍රී ලංකා නිලධාරීන් සමග මේ ටෙස්ට් තරගාවලිය සම්බන්ධව දීර්ඝ සාකච්ඡා පවත්වා ඇත.

ලාහෝර් නුවරදී ශ්‍රී ලාංකා ක්‍රිකට් කණ්ඩායමට ත්‍රස්තවාදීන් 2009 මාර්තු මාසයේ එල්ලකළ වෙඩි ප්‍රහාරයෙන් පසු පාකිස්තානයේ ක්‍රිකට් ක්‍රීඩාව සම්පූර්ණයෙන් අඩපන විය. කරච්චි ජාතික ක්‍රීඩාංගණයේ අවසන්වරට ටෙස්ට් තරගයක් ක්‍රීඩා කොට ඇත්තේ වසර 2009දී වන අතර රාවල්පින්ඩි ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අවසන්වරට 2004දී පාකිස්තානය සමග ටෙස්ට් තරගයක් පවත්වා ලකුණු 131ක ජයක් ඉන්දියාව හිමිකර ගත්තේය.

Page 1 of 512345»
Categories
  • Music (2)
  • Uncategorized (33)
  • කෑම වට්ටෝරු (13)
  • ක්‍රීඩා තොරතුරු (27)
  • තාක්ෂණික තොරතුරු (6)
  • දේශපාලන පුවත් (30)
  • දේශීය පුවත් (105)
  • විදේශීය පුවත් (32)
  • විනොදාස්වාද (125)
  • සාහිත්‍ය (8)
  • ළමා (7)
ඔබේ ගැටළුවත් අසන්න
  • ලීසිං පිළිබඳ ගැටළු
    1 year, 8 months ago
  • වාහන පිළිබඳ ගැටළු
    1 year, 8 months ago
Most viewed
Chandimal jayasinghe birthday party
1,207 views
කෝපි කේක් හදමු ද?
119 views
ජනිත් සමඟ කතා බහක්
113 views
Most commented
කුංග් ෆු හෙවත් ගමන
මහරගමටත් ජාතිවාදය ගෙනෙමුයි කී ‘සිංහලේ අපි‘ ඇඩ්මින්
ITN යූත් විත් ටැලන්ට් කිරුළ යකඩ නවන ජනක කාංචනට
ට්‍රම්ප් හමුවෙන්න කිම් ජොන් උන් කළ යෝජනාව සාර්ථකයි
සිරස ජුනියර් සුපර් ස්ටාර් කිරුළ- රොවෙන් අර්ල්ට

About

Truemag

We provide latest news and information which people would love to know and useful to them. Anyone can learn anything under many categories. We will introduce many ways and new technologies day by day which helps the people to get their works done smoothly and effectively. We are here to do our best for the people of the society. We are working on few projects under Anythinglk.com to strengthen the management of the society.

Categories
  • Music (2)
  • Uncategorized (33)
  • කෑම වට්ටෝරු (13)
  • ක්‍රීඩා තොරතුරු (27)
  • තාක්ෂණික තොරතුරු (6)
  • දේශපාලන පුවත් (30)
  • දේශීය පුවත් (105)
  • විදේශීය පුවත් (32)
  • විනොදාස්වාද (125)
  • සාහිත්‍ය (8)
  • ළමා (7)
Archives
  • December 2019 (16)
  • November 2019 (36)
  • October 2019 (47)
  • September 2019 (39)
  • August 2019 (41)
  • July 2019 (40)
  • June 2019 (37)
  • May 2019 (13)
  • January 2019 (1)
  • November 2018 (15)
  • October 2018 (4)
  • September 2018 (2)
  • August 2018 (19)
  • June 2018 (6)
  • May 2018 (1)
  • April 2018 (10)
  • March 2018 (22)
Visitor Counter

Visits since 2018 March

Your IP: 3.226.243.226

Email-Subscription

Sign up for our newsletter to receive the latest news and event postings.

2018 © Anythinglk.com