Truemag

  • Home
  • ABOUT
  • CONTACT AS

සෙරීනා විලියම්ස්: වැඩිම ධනයක් ඉපැයූ ක්‍රීඩිකාව

වර්තමානයේ ලොව සුපිරිතම ටෙනිස් ක්‍රීඩිකාව ලෙස සැලකෙන සෙරීනා විලියම්ස් පසුගිය වසරේ වැඩිම ධනයක් ඉපැයූ ක්‍රීඩිකාව ලෙස නම් කර තිබේ.

තිස්හත් හැවිරිදි සෙරීනා උපයා ඇති මුදල ඇමෙරිකානු ඩොලර් මිලියන 29.2 කි. ඉන් ඇමෙරිකානු ඩොලර් මිලියන 25ක් ම උපයා ඇත්තේ වෙළෙඳ ප්‍රචාරණ කටයුතු මගිනි.

ඇය මේ වනවිට ජයගෙන ඇති ‘ග්‍රෑන්ඩ් ස්ලෑම්’ මුල්පෙළේ තරඟ ජයග්‍රහණ සංඛ්‍යාව විසිතුනකි.

ෆෝබ්ස් සඟරාව විසින් එළි දක්වා ඇති ලෝකයේ වැඩිම මුදලක් උපයන ක්‍රීඩක ක්‍රීඩිකාවන් 100 දෙනාගේ ලැයිස්තුවේ සිටින එකම කාන්තාව වන්නේද සෙරීනා ය. ඇය එම ලැයිස්තුවේ 63වන ස්ථානයේ පසු වේ.

  • ටෙනිස් තරුව යළි බබළයි

2018 වසරේදී වැඩිම මුදල් ඉපැයූ ක්‍රීඩිකාවන් පිළිබඳ තොරතුරු ද ෆොර්බ්ස් සඟරාවේ පළ කොට තිබේ.

එහි ඉදිරියෙන්ම සිටින්නේ ටෙනිස් ක්‍රීඩිකාවන් එකොළොස් දෙනෙකි.

ඇමෙරිකානු විවෘත ටෙනිස් තරඟාවලියේ දී සෙරීනා පරාජය කර මෙවර ශූරතාව ජයගත් ජපානයේ නයෝමි ඔසාකා පසුගිය වසරේ වැඩිම ධනයක් ඉපැයූ ක්‍රීඩිකාවන් අතර දෙවැනි ස්ථානයේ පසුවේ.

ඇමෙරිකානු විවෘත ටෙනිස් තරඟාවලිය ජයග්‍රහණය කිරීමෙන් පසුව ඔසාකා වෙළෙඳ සමාගම් අතර අවධානයට ලක්විණි.

ඉන්පසු 21-හැවිරිදි ඔසාකා, කාන්තා ටෙනිස් වර්ගීකරණය අනුව ලෝකයේ අංක එක බවට පත්වීමට ද සමත් වූවාය.

ඇය ‘නයිකි’ සමාගම සමග ද වෙළෙඳ ප්‍රචාරණ ගිවිසුමකට එළඹුණාය.

මාස 12ක් තුළ ඇය උපයා ඇති මුදල ඩොලර් මිලියන 16කි.

Getty Images
ඉන්දීය බැඩ්මින්ටන් ක්‍රීඩිකා පී වී සිධු

ජර්මනියේ ඇන්ජලි කර්බර් එම ලැයිස්තුවේ තුන්වන ස්ථානයේ පසුවේ. මෙවර ‘විම්බල්ඩන්’ කාන්තා ශූරතාව දිනු සිමොනා හාලෙප් පසුගිය වසරේ වැඩිම ධනයක් ඉපැයූ ක්‍රීඩිකා ලැයිස්තුවේ සිව් වන ස්ථානයේ පසුවන්නීය.

එම ලැයිස්තුවේ මුල් ස්ථාන පහළොවෙන් දොළහක් ම ටෙනිස් ක්‍රීඩිකාවන් විසින් හිමිකර ගනු ලැබ ඇත.

ඔවුන් අතර සිටින අනෙක් ක්‍රීඩිකාවන් වන්නේ ඇමෙරිකානු පාපන්දු ක්‍රීඩිකා ඇලෙක්ස් මෝර්ගන්, ඉන්දීය බැඩ්මින්ටන් ක්‍රීඩිකා පී.වී. සිධු සහ තායිලන්ත ගොල්ෆ් ක්‍රීඩිකා එරියා යුටානුගන් වෙති.

copied

Aug 9, 2019Asekha Naranapitiya
සත්ත්ව විශේෂ 26ක් ලොවට හඳුන්වා දුන් ශ්‍රී ලංකාවේ 'ඩාවින් පවුල'අනුන්ගේ දේවල් හොයන්න එපා සතු­ටෙන් ඉන්න
You Might Also Like
 
පැට­වුන්ට ජීවිතේ කියා දෙන කැලෑ ඉස්කෝලේ වලස් අම්මා
 
තරු වෙන්න ගිහින් පර වී වැටෙන සුවඳ කැකු­ළු­වල ඛේද­වා­ච­කය

Leave a Reply Cancel reply

Asekha Naranapitiya
4 months ago ක්‍රීඩා තොරතුරු8
Most viewed
Chandimal jayasinghe birthday party
1,207 views
කෝපි කේක් හදමු ද?
119 views
ජනිත් සමඟ කතා බහක්
113 views
Most commented
කුංග් ෆු හෙවත් ගමන
මහරගමටත් ජාතිවාදය ගෙනෙමුයි කී ‘සිංහලේ අපි‘ ඇඩ්මින්
ITN යූත් විත් ටැලන්ට් කිරුළ යකඩ නවන ජනක කාංචනට
ට්‍රම්ප් හමුවෙන්න කිම් ජොන් උන් කළ යෝජනාව සාර්ථකයි
සිරස ජුනියර් සුපර් ස්ටාර් කිරුළ- රොවෙන් අර්ල්ට

About

Truemag

We provide latest news and information which people would love to know and useful to them. Anyone can learn anything under many categories. We will introduce many ways and new technologies day by day which helps the people to get their works done smoothly and effectively. We are here to do our best for the people of the society. We are working on few projects under Anythinglk.com to strengthen the management of the society.

Categories
  • Music (2)
  • Uncategorized (33)
  • කෑම වට්ටෝරු (13)
  • ක්‍රීඩා තොරතුරු (27)
  • තාක්ෂණික තොරතුරු (6)
  • දේශපාලන පුවත් (30)
  • දේශීය පුවත් (105)
  • විදේශීය පුවත් (32)
  • විනොදාස්වාද (125)
  • සාහිත්‍ය (8)
  • ළමා (7)
Archives
  • December 2019 (16)
  • November 2019 (36)
  • October 2019 (47)
  • September 2019 (39)
  • August 2019 (41)
  • July 2019 (40)
  • June 2019 (37)
  • May 2019 (13)
  • January 2019 (1)
  • November 2018 (15)
  • October 2018 (4)
  • September 2018 (2)
  • August 2018 (19)
  • June 2018 (6)
  • May 2018 (1)
  • April 2018 (10)
  • March 2018 (22)
Visitor Counter

Visits since 2018 March

Your IP: 3.226.243.226

Email-Subscription

Sign up for our newsletter to receive the latest news and event postings.

2018 © Anythinglk.com