Truemag

  • Home
  • ABOUT
  • CONTACT AS

මාලිංග පසු තැවෙයි

එංගලන්තය සමඟ පැවැති තරගයේ විශිෂ්ට පන්දු යැවීමක නිරත වෙමින් තරගයේ වීරයා වූ ලසිත් මාලිංග ඒ තරගය අවසානයේ ප්‍රකාශ කළේ අප තවත් උනන්දුවෙන් ක්‍රීඩා කළහොත් අවසන් වටයට යා හැකි බවයි. නමුත් ඊට පසු හමුවූ දකුණු අප්‍රිකාව සමඟ තරගය පරාජය වීමත් සමඟම ශ්‍රී ලංකා කණ්ඩායමට අවසන් හතර දෙනා අතරට පිවිසීමේ බලාපොරොත්තු අතහැර දැමීමට සිදු විය. මේ සිදුවීම් මෙසේ පෙළ ගැසෙන විට මාලිංග ප්‍රකාශ කළේ මේ වන විට තම ක්‍රිකට් දිවියේ අවසන් තරග කිහිපයට මුහුණ දෙමින් සිටින බවයි.

මේ ක්‍රිකට් ලෝක කුසලානයෙන් පසු ශ්‍රී ලංකා ක්‍රීඩා ලෝලයින් ඉදිරියේ තරගයක් ක්‍රීඩා කරන්න ඕනෑ. මීළඟ විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියට ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කිරීමට බලාපොරොත්තු වන බව පවසන මාලිංග, මෙවර තරගාවලියෙන් පසුව බලධාරීන් සමඟ සාකච්ඡා කර තීරණයක් ගන්නා බව ද පවසයි.

මම සටන් කළා, මටත් දැන් මහන්සියි. 2020 ඔස්ට්‍රේලියාවේ පැවැත්වෙන විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියට ක්‍රීඩා කරන්න බලාපොරොත්තු වෙනවා. මම ඒ තරගාවලියට ක්‍රීඩා කරන්න කලින් මගේ දැක්ම ඒ අයට පැහැදිලි කරලා දෙනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් දැක්ම සහ මගේ දැක්ම ගැළපුණොත් මම ඒ දක්වා ක්‍රීඩා කරයි. එහෙම වුණේ නැත්නම් මම අන්තර්ජාතික පිටියෙන් සමු ගන්නා තීරණය ඉක්මන් වේවි.

සිය අනාගත බලාපො‍රොත්තු ගැන සඳහන් කරන මාලිංග අවුරුදු 10 ක් මායි නුවන් කුලසේකරයි එකට ක්‍රීඩා කළා. මම කැමැතියි එක තරගයක් නුවන් එක්ක ක්‍රීඩා කරලා තරග බිමෙන් සමු ගන්න.‍ මම හිතනවා මගේ බලාපොරොත්තුව ඉෂ්ට වෙයි කියලා.

මගේ වයස අවුරුදු 36 යි. තරගයක මට තියෙන දේවලින් උපරිමය කළාට, තරගයක ප්‍රතිවාදීන් පරාජය කරන්න තරම් ශක්තියක් නෑ. දැන් අපි ශ්‍රේණිගත කිරීම්වල 9 වැනි තැන ඉන්නේ. මගේ අවසන් කාලයේ හත්වැනි තැන දක්වා හරි ඉදිරියට කණ්ඩායම ගේන්න පුළුවන් නම් සතුටු වෙනවා.

ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩා වැටීම පිළිබඳ අදහස් දක්වන මාලිංග, අපි මෙච්චර පහළට වැටිලා හිටපු කණ්ඩායමක් නෙවෙයි. ශ්‍රේණිගත කිරීම්වල 2 – 3 – 4 වැනි ස්ථානවල අපි හුඟක් වෙලාවට හිටියා‍‍. ඒ ගැන දුකයි.

Copied

Jul 8, 2019Asekha Naranapitiya
සුලු ජාතික ඡන්ද නැතිව මෝදි නැවතත් ඉන්දියාවේ රජ වෙයි"ඊළඟ මහමැතිවරණය මම ඡන්දය ඉල්ලන අවසන් මැතිවරණයයි‘‘ ඇමති මංගල දේශපාලනයෙන් ඉවත් වන දවස කියයි
You Might Also Like
 
පබෝධා කොළඹින් පිටපනී
 
හතුරුසිංහ ඉල්ලා අස් නොවුනහොත් කාන්තා කණ්ඩායමේ පුහුණුකාරීත්වයට පත් කිරීමට යයි.!

Leave a Reply Cancel reply

Asekha Naranapitiya
5 months ago ක්‍රීඩා තොරතුරු17
Most viewed
Chandimal jayasinghe birthday party
1,207 views
කෝපි කේක් හදමු ද?
119 views
ජනිත් සමඟ කතා බහක්
113 views
Most commented
කුංග් ෆු හෙවත් ගමන
මහරගමටත් ජාතිවාදය ගෙනෙමුයි කී ‘සිංහලේ අපි‘ ඇඩ්මින්
ITN යූත් විත් ටැලන්ට් කිරුළ යකඩ නවන ජනක කාංචනට
ට්‍රම්ප් හමුවෙන්න කිම් ජොන් උන් කළ යෝජනාව සාර්ථකයි
සිරස ජුනියර් සුපර් ස්ටාර් කිරුළ- රොවෙන් අර්ල්ට

About

Truemag

We provide latest news and information which people would love to know and useful to them. Anyone can learn anything under many categories. We will introduce many ways and new technologies day by day which helps the people to get their works done smoothly and effectively. We are here to do our best for the people of the society. We are working on few projects under Anythinglk.com to strengthen the management of the society.

Categories
  • Music (2)
  • Uncategorized (33)
  • කෑම වට්ටෝරු (13)
  • ක්‍රීඩා තොරතුරු (27)
  • තාක්ෂණික තොරතුරු (6)
  • දේශපාලන පුවත් (30)
  • දේශීය පුවත් (105)
  • විදේශීය පුවත් (32)
  • විනොදාස්වාද (125)
  • සාහිත්‍ය (8)
  • ළමා (7)
Archives
  • December 2019 (16)
  • November 2019 (36)
  • October 2019 (47)
  • September 2019 (39)
  • August 2019 (41)
  • July 2019 (40)
  • June 2019 (37)
  • May 2019 (13)
  • January 2019 (1)
  • November 2018 (15)
  • October 2018 (4)
  • September 2018 (2)
  • August 2018 (19)
  • June 2018 (6)
  • May 2018 (1)
  • April 2018 (10)
  • March 2018 (22)
Visitor Counter

Visits since 2018 March

Your IP: 3.226.243.226

Email-Subscription

Sign up for our newsletter to receive the latest news and event postings.

2018 © Anythinglk.com